.webp)

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නිල චීන සංචාරය සඳහා ලොව ප්‍රමුඛතම සමාගම් රැසක ප්‍රධාන විධායක නිලධාරීන්ගෙන් සමන්විත ප්‍රබල දූත පිරිසක් එක්ව සිටිනවා. දෙරට අතර වෙළඳ සහ තාක්ෂණික සබඳතා අලුත් වටයකින් ආරම්භ කිරීම මෙම සංචාරයේ ප්‍රධාන අරමුණ වී තිබේ.
• ඉලොන් මස්ක්: ටෙස්ලා (Tesla) සහ SpaceX හිමිකරු
• ටිම් කුක්: ඇපල් (Apple) සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී
• ජෙන්සන් හුවාං: එන්වීඩියා (Nvidia) සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී
• ඩේවිඩ් සොලමන්: ගෝල්ඩ්මන් සැක්ස් (Goldman Sachs) හි ප්‍රධානී
මීට අමතරව බ්ලැක්රොක් (BlackRock) හි ලැරී ෆින්ක්, සිටි (Citi) බැංකු සමූහයේ ජේන් ෆ්රේසර්, බ්ලැක්ස්ටෝන් (Blackstone) හි ස්ටීවන් ෂ්වාට්ස්මන් සහ බෝයිං (Boeing) සමාගමේ කෙලී ඕර්ට්බර්ග් ද
මෙම සංචාරයට එක්ව සිටිනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි, මෙම සංචාරයේදී කෘතිම බුද්ධිය (AI), අර්ධ සන්නායක (Semiconductors) සහ විදුලි මෝටර් රථ කර්මාන්තය පිළිබඳව විශේෂ අවධානයක් යොමු කෙරෙනු ඇත. ඇමරිකානු ව්‍යාපාර සඳහා චීන වෙළඳපොළ තුළ පවතින බාධක ඉවත් කර ගැනීම සහ නව ආයෝජන අවස්ථා විවෘත කර ගැනීම සම්බන්ධයෙන් මෙහිදී චීන ජනාධිපති ෂී ජින්පින් සමඟ තීරණාත්මක සාකච්ඡා පැවැත්වීමට නියමිතය.
ලොව ධනවත්ම සහ බලවත්ම ව්‍යාපාරික නායකයින් මෙලෙස ජනාධිපතිවරයා සමඟ චීනයට පැමිණීම, ඉදිරි ගෝලීය වෙළඳ දේශපාලනයේ තීරණාත්මක හැරවුම් ලක්ෂ්‍යයක් වනු ඇතැයි ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
