.webp)
-615976.jpg)
පොලීසිය පැවසුවේ, අහංගම ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි පුද්ගලයෙකු එලෙස මියගොස් ඇති බවයි.
ඔහු මුදල් පොලියට දීමේ හා ව්‍යාපාරික කටයුතුවල නිරත අයෙකු බව පොලීසිය සඳහන් කළේය.
පොලීසිය පැවසුවේ, ගාල්ල නගරයේ කුලී නිවසක රැඳී සිටි මියගිය පුද්ගලයා අදාළ නිවසින් බැහැරව යන අවස්ථාවේ වෙඩි තැබීම සිදුව ඇති බවයි.
රතු පැහැති මෝටර් රථයකින් පැමිණ වෙඩි තැබීම සිදුකර ඇතැයි සඳහන්.
සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් 5 ක් ක්‍රියාත්මකයි.
ව්‍යාපාර හා සම්බන්ධ කරුණක් මුල්කරගෙන වෙඩි තැබීම සිදුවන්නට ඇතැයි පොලීසිය සැක පළ කරනවා.
