කපිල චන්ද්‍රසේනගේ මළ සිරුර සොයා ගැනේ.

කපිල චන්ද්‍රසේනගේ මළ සිරුර ඔහුගේ කොල්ලුපිටිය නිවසේ තිබී සොයා ගැනේ.

by Staff writer 08-05-2026 | 9:09 AM

COLOMBO (News 1st) -  ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට එයාර් බස් මිලදී ගැනීමට අදාළ ගනුදෙනුවේදී  ඇමරිකානු ඩොලර් මිලියන 2ක අල්ලසක් ලබාගත් බවට චෝදනා ලැබ සිටි ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මියගොස් තිබේ.

පොලීසිය පැවසුවේ, කොල්ලුපිටිය පස්වැනි පටුමගේ පිහිටි ඔහුගේ නිවසේ තිබී අද(08) උදෑසන සිරුර සොයාගත් බවයි.

ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට එයාර් බස් මිලදී ගැනීමට අදාළ ගනුදෙනුවේදී ඇමරිකානු ඩොලර් මිලියන 2 ක අල්ලසක් ලබාගත් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි කපිල චන්ද්‍රසේන පසුගියදා ඇපමත මුදා හැරුණි.

කෙසේ වෙතත් කුලියට ගත් දෙදෙනෙකු ඇපකරුවන් ලෙස අධිකරණයට ඉදිරිපත් කරමින් ඇප ලබා ගැනීම හේතුවෙන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ(07) කපිල චන්ද්‍රෙස්න අත්අඩංගුවට ගන්නැයි යළි වරෙන්තු නිකුත් කළේ ය.

ඒ ඇප කොන්දේසි සහ අධිකරණයේ විශ්වාසය කඩ කිරීමට අදාළව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ඉදිරිපත් කළ මෝසමක් සලකා බැලීමෙන් අනතුරුවයි.

තමා ලබාගත් අල්ලස් මුදල් බෙදී ගිය ආකාරය සම්බන්ධයෙන් කපිල චන්ද්‍රසෙන මිට පෙර ප්‍රකාශයක් ලබා දී තිබුණි.

මෙම සිද්ධියට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු ගුවන් සේවා අමාත්‍ය පියංකර ජයරත්න සහ විලී ගමගේ යන තිදෙනා 12 වනදා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම හමුවට කැඳවා තිබේ.