ගාල්ල බන්ධනාගාරයේ උපන්දින සාදය ගැන විමර්ශන

ගාල්ල බන්ධනාගාරයේ උපන්දින සාදය ගැන විශේෂ වාර්තාවක් කැඳවයි...- බන්ධනාගාර දෙපාර්තමේන්තුව

by Staff writer 04-05-2026 | 8:21 AM

COLOMBO (News 1st) - සමාජ මාධ්‍යයේ පැතිර යන, ගාල්ල බන්ධනාගාර රැඳවියන් පැවැත්වූ උපන්දින සාදයක වීඩියෝවට අදාළව වාර්තාවක් කැඳවා ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ඒ.සී ගජනායක පැවසුවේ මෙම සිදුවීම කුමන කාලයේ සිදුවූවක්ද යන්න පිළිබඳ සොයා බලා කඩිනමින් වාර්තාවක් ලබාදෙන ලෙස ගාල්ල බන්ධනාගාර අධිකාරිවරයාට දැනුම් දී ඇති බවයි.

එම වීඩියෝවේ සිටින බොහෝ රැඳවියන් මේ වන විට ඇප මත නිදහස ලබා පිටව ගොස් ඇතැයිද, ඔහු පැවසුවේය.

අපරාධ කල්ලි සාමාජිකයෙකු බව කියන 'අහුංගල්ලේ ලොකු පැටී' නමැත්තාගේ සමීපතමයෙකු වන නාමල් නොහොත් 'පොඩියා' නමැත්තාගේ උපන්දිනය සමරන බව කියන වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙයි.