.webp)

COLOMBO (News 1st) - ඉන්ධන මිල ඉහළ ගිය ද, බස් ගාස්තු ඉහළ දැමීමක් මේ අවස්ථාවේ සිදු නොවන බව, ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.
එහි අධ්යක්ෂ ජනරාල් නිලාන් මිරැන්ඩා සදහන් කළේ, මිල සූත්‍රයට අනුව බස් ගාස්තු ඉහළ දැමීමේ අවශ්‍යතාවක් නොමැති බවයි.
මේ අතර, පාසල් වෑන් රථ ගාස්තු ඉහළ දැමීමට සිදුවනු ඇතැයි, සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන වෘත්තිකයින්ගේ සංගමය පවසයි.
එහි සභාපති මල්ශ්‍රී ද සිල්වා සදහන් කළේ, ඉහළ ගිය ඩීසල් පිරිවැය ආවරණය කිරීම සදහා පමණක් මිල ඉහළ දමන බවයි.
මේ අතර, සමස්ත ලංකා බේකරි නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති එන් කේ ජයවර්ධන සදහන් කළේ, බේකරි නිෂ්පාදන වල මිල ඉහළ දැමීමක් සිදු නොවන බවයි.
