.webp)

COLOMBO (News 1st) - තායිලන්තයේ සිට කුෂ් හා හෑෂ් මත්ද්‍රව්‍ය මෙරටට රැගෙන ඒමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් චීවරධාරීන් 23 දෙනා ලබන 12 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
ඒ, අද මීගමුව මහේත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුවයි
ගමන් මලු තුළ සූක්ෂ්මව අසුරා තායිලන්තයේ සිට කුෂ් සහ හෑෂ් නැමති මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 110 කට අධික තොගයක් සමග චීවර ධාරීන් විසි දෙදෙනෙකු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය කටුනායක ගුවන් තොටුපොලේදී අත්අඩංගුවට ගැනුණේ අප්‍රේල් මස 26 වැනිදායි.
අනතුරුව මෙම ජාවාරමට ආධාර අනුබලදීමේ චෝදනාව මත අඟුණකොලේ අමිතානන්ද නමැති භික්ෂුවද අත්අඩංගුවට ගැනුණි.
සැකකරුවන් රඳවාගෙන ප්‍රශ්න කිරිමෙන් අනතුරුව අද පස්වරුවේ මීගමුව අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේ ය.
එහිදී කරුණු දක්වමින් මේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය සිදු කරන උප පොලිස් පරික්ෂක රාජපක්ෂ සඳහන් කළේ, මේ සම්බන්ධයෙන් ගිහි පුද්ගලයකු වන චන්ද්‍රකුමාර දයාරත්න නැමැත්තෙකු අත්අඩංගුවට ගෙන කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 12 වැනිදා දක්වා රැඳවුම් නියෝග ලබා ගත් බවයි.
මීලග නඩු වාරයේදී චන්ද්‍රකුමාර දයාරත්න නැමැත්තා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස බන්ධනාගාර අධිකාරියට නියෝගයක් නිකුත් කරන ලෙසත්, දැනට අත්අඩංගුවට ගෙන නැති පූජ්‍ය අඹගස් මුල්ලේ පුන්‍යරතන හිමි සහ පූජ්‍ය බෙල්පිටියේ දම්මරක්කිත හිමි යන අයට විදෙස් ගමන් තහනමක් පනවන ලෙසත් මෙහිදී ඉල්ලා ඇති අතර එම ඉල්ලිම් වලට අවසර ලබා දී තිබේ.
එහිදී සැකකරුවන් ලබන 12 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අතිරේක මහේස්ත්‍රාත් සුභානි අබේසේකර නියෝග කර තිබේ.
