වියට්නාම ජනාධිපති ලබන 07 වැනිදා දිවයිනට

වියට්නාම ජනාධිපති ලබන 07 වැනිදා දිවයිනට

by Staff writer 29-04-2026 | 9:05 AM

COLOMBO (News 1st) - දෙදින රාජ්‍ය සංචාරයක් සඳහා වියට්නාම ජනාධිපතිවරයා ලබන 07 වැනිදා දිවයිනට පැමිණෙයි.

ඒ, ජනාධිපති අනුර කුමාර දිසානායක කළ ආරාධනාවකට අනුවයි.

ඔහු මෙම සංචාරයේදී ජනාධිපතිවරයා ඇතුළු දේශපාලන නායකයින් කිහිප දෙනෙකු සමග සාකච්ඡා කිරීමට ද සැලසුම් කර තිබේ.

වියට්නාම ජනාධිපතිවරයා ලබන 8 වැනිදා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව අමතීමටද  නියමිතයි