රාජ්‍ය සේවයේ 9,800 කට ස්ථීර පත්වීම්

රාජ්‍ය සේවයේ 9,800 කට ස්ථීර පත්වීම්

by Staff writer 28-04-2026 | 8:34 PM

COLOMBO(News1st) - රාජ්‍ය සේවයේ 9,800 කට ස්ථීර පත්වීම් ලබාදීමට කැබනට් අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව, තාවකාලික, අනියම්, අදේශක, කොන්ත්‍රාත් හෝ සහන පදනම මත සේවයට බදවාගෙන ඇති සේවකයින් ස්ථිර කිරිමට අයවැය යෝජනා මගින් ජනාධිපතිවරයා පසුගියදා යෝජනා කරනු ලැබීය.

ඒ අනුව එම සේවකයින් වෙත ස්ථිර පත්විම් පිරිනැමිමට අදාළ විධි විධාන ඇතුලත් චක්‍රලේඛයක් නිකුත් කිරිමට ජනාධිපතිවරයා සහ රාජ්‍ය පරිපාලන පලාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.