.webp)
-615057.jpg)
යාපනය ඉලවාලෙයි පොලීසිය විසින් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන තිබුණි.
වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී මිනුර සෙනාරත්න සඳහන් කළේ, ගිනි අවි ආඥා පනත යටතේ සාපරාධී බිය ගැන්වීම සහ බැන තර්ජනය කිරීමේ චෝදනා යටතේ ඔහු අත්අඩංගුවට ගත් බවයි.
ගිනි අවියක් පෙන්වා කාන්තාවක් බිය ගැන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට අද(27) උදෑසන, ඉලවාලෙයි පොලීසියට පැමිණි අවස්ථාවේ ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.
කාන්තාවක් සමග ඉඩමක් සම්බන්ධයෙන් ඇතිවූ බහින්බස්වීමකදී මන්ත්‍රීවරයා, ගිනි අවියක් පෙන්වා තර්ජනය කරන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ අතර
සිද්ධිය සම්බන්ධයෙන් අදාළ කාන්තාව, ඉලවාලෙයි පොලීසියට කරන ලද පැමිණිල්ලකට අනූව ක්‍රියාත්මක පරික්ෂණවලදී මන්ත්‍රිවරයා අත්අඩංගුවට ගෙන තිබේ.
