සයිබර් මුදල් වංචාවේ විමර්ශනවලට ඕස්ට්‍ර්ලියාවේ සහාය

සයිබර් අපරාධකරුවන් සිදුකළ මුදල් වංචාවේ විමර්ශන වලට ඕස්ට්‍ර්ලියාවේ සහාය.

by Staff writer 26-04-2026 | 9:36 PM

COLOMBO(News1st) - සයිබර් අපරාධකරුවන් පිරිසක් විසින් මුදල් අමාත්‍යාංශයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතිය හරහා අවස්ථා කිහිපයකදී ඩොලර් මිලියන 2 යි දශම 5 ක පමණ මුදලක් සොරකම් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් නිලධාරීන් 7 දෙනෙකුගෙන් ප්‍රකාශ ලබාගෙන තිබේ.

ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින්.

පොලීසිය පැවසුවේ, මහා භාණ්ඩාගාරයේ රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලයේ සහ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 7 දෙනෙකුගෙන් එලෙස ප්‍රකාශ ලබාගෙන ඇති බවයි.

ඔවුන් භාවිත කළ පරිගණක ද මේවන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් භාරයට ගෙන තිබේ.

ඒ ඉදිරි විමර්ශන කටයුතු වෙනුවෙන් ය.

විමර්ශන කටයුතු සඳහා ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ සහය ලබාගෙන ඇතැයි ද පොලීසිය ප්‍රකාශ කළේ ය.

මේ අතර, සිද්ධියේ විමර්ශන සඳහා සහය වීමට ඕස්ට්‍රේලියා ෆෙඩරල් පොලීසිය සිය එකඟතාව පළකර තිබේ.

පොලීසිය ප්‍රකාශ කළේ, පසුගිය වසරේ ඔවුන් සමග ඇතිකරගත් අවබෝධතා ගිවිසුම අනුව එම කටයුතු සිදුවන බවයි.

ඒ අනුව, විමර්ශන සඳහා අවශ්‍ය දත්ත මේවන විටත් ඕස්ට්‍රේලියා ෆෙඩරල් පොලීසිය සමග හුවමාරු කරගනිමින් ඇතැයි, පොලීසිය ප්‍රකාශ කළේ ය.