තවත් යූරියා තොගයක් ලබන මස මුල දිවයිනට..

තවත් යූරියා තොගයක් ලබන මස මුල දිවයිනට.. පොහොර හිඟයක් නැහැ, රජය කියයි.

by Staff writer 25-04-2026 | 7:55 AM

COLOMBO(News1st) - තවත් යූරියා මෙට්‍රික් ටොන් විසි පන් දහසක් රැගත් නෞකාවක් ලබන මස මුලදී මෙරටට ලඟාවීමට නියමිත බව ජාතික පොහොර ලේකම් කාර්යාලය පවසයි.

එහි අධ්‍යක්ෂ අධ්‍යක්ෂ චන්දන ලොකුහේවගේ පැවසුවේ, යල කන්නය වෙනුවෙන් වී සහ අනෙකුත් බෝග සඳහා යූරියා මෙට්‍රික් ටොන් එක් ලක්ෂ විසි පන් දහසක් අවශ්‍ය වන බවයි.

කෙසේ වෙතත් ලබන මස මැද භාගය වන විට යූරියා පොහොර මෙට්‍රික් ටොන් එක් ලක්ෂ පනස් එක් දහසක් මෙරට පවතින බවද ඔහු සඳහන් කළේ ය.