දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද ගිගුරුම් සහිත වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද ගිගුරුම් සහිත වැසි

by Staff writer 24-04-2026 | 10:01 AM

COLOMBO (News 1st) - දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවයි.

දකුණු පළාතේ සහ කළුතර දිස්ත්‍රික්කයේ වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීත් වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවයි.

මේ අතර කුරුණෑගල හා රත්නපුර දිස්ත්‍රික්වල  ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇගවීම් නිකුත් කර තිබේ.

ජාතික ගොඩනැගීලි පර්යේෂණ සංවිධානය පැවසුවේ, ඒ අනුව කුරුණෑගල දිස්ත්‍රික්කයේ රිදිගම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයටත් රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට, කලවාන,රත්නපුර, නිවිතිගල,පැල්මඩුල්ල, හා ඇහැලියගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත් නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇගවීම් නිකුත් කර ඇති බවයි.