.webp)

COLOMBO (News 1st) -
සාමයේ දූපතට - සාමයේ පාගමන තවත් නොබෝ වේලාවකින් දඹුල්ල නගරයෙන් ආරම්භ වීමට නියමිතයි
වියට්නාම ජාතික පූජ්‍ය පඤ්ඤාකර හිමියන් ප්රමුඛ මහා සංඝරත්නය මෙන්ම " අලෝකා " ද සහභාගීත්වයෙන් ය.
සාමයේ දූපතට - සාමයේ පාගමන සහභාගිවීමට වැඩම කළ භික්ෂූන් වහන්සේ වෙනුවෙන් අද අලුයම සංඝගත දක්ෂිණාවක්ද පැවැත්විණ.
ජනාධිපති අනුර කුමාර දිසානායකගේ මග පෙන්වීම මත ක්ලීන් ශ්‍රි ලංකා වැඩසටහන ඇතුළු ආයතන කිහිපයක් සාම පාගමනට පහසුකම් සපයයි.
සාමයේ දූපතට - සාමයේ පාගමනේ පූර්ණ සම්බන්ධීකරණය සිදු කරන්නේ සිරස මාධ්‍ය ජාලයයි.
ඇමරිකාවේ සිට වැඩම කළ වියට්නාමයේ පඤ්ඤාකර හිමි ඇතුළු පිරිස ඊයේ පස්වරුවේ අනුරාධපුර පූජා නගරයේදි ආගමික වතාවත් වල නිරත විය.
එහිදී ශ්‍රී මහා බෝධියේ අංකුරයක් අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන් විසින් පූජ්‍ය පඤ්ඤාකර හිමිට පරීත්‍යාග කළේ ශ්‍රි මහා බෝධිය අභියස පැවති උත්සයකදීයි..
අනතුරුව රුවන්වැලි මහා සෑය අභියස පැවති ආගමික උත්වයකටද වියට්නාම ජාතික පූජ්‍ය පඤ්ඤාකර හිමි ඇතුළු මහා සංඝරත්නය සහභාගී විය.
සාම පාගමනේ අද දිනයේ ගමනාන්තය මාතලේ අලුවිහාරයයි.
මාතලේ අළුවිහාරයෙන් හෙට යළි ආරම්භ කෙරෙන සාම පා ගමන එදින අවසන් කරන්නේ මහනුවර ශ්‍රී දළදා මාලිගාවෙන් ය.
අනිද්දා ශ්‍රී දළදා මාලිගාවේ මහ මලුවෙන් ආරම්භ කෙරෙන සාමයේ දූපතට - සාමයේ පාගමන කෑගල්ල බෙලිගම්මන රජමහා විහාරයට ළඟාවීමට නියමිතයි.
අප්‍රේල් 25 වැනිදා බෙලිගම්මන රජමහා විහාරයෙන් යළිත් සාම පාගමන ආරම්භ වී තෝලංගමුව මධ්‍ය මහා විද්‍යාලය දක්වා පැමිනෙනු ඇති.
අප්‍රේල් 26 වන දා තෝලංගමුව මධ්‍ය මහා විද්‍යාලයේ සිට යක්කල චන්ද්‍රජෝතී විද්‍යාලය දක්වා සාම පාගමන පැමිණෙනවා.
අප්‍රේල් 27 වනදා යක්කල චන්ද්‍රජෝතී විද්‍යාලයෙන් ආරම්භ වන පාගමන, එදින අවසන් වන්නේ කැළණිය රජමහා විහාරයෙන් ය.
අප්‍රේල් 28 කැලණිය රජමහා විහාරයෙන් පිටත් වී සවස 4 වන විට නිදහස් චතුරස්රයට පැමිණීමෙන් අනතුරුව ශ්‍රී මහා බෝධීන්වහන්සේගේ අංකුරය ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් රාජ්‍යතාන්ත්‍රික වශයෙන් ඇමරිකාවේ සිට වැඩම කළ මහා සංඝරත්නයට භාර දීමට නියමිතයි.
නිදහස් චතුරස්රයේ සිට පෙරහරකින් සිරස මාධ්‍යජාලයේ මූලස්ථාන පරිශ්‍රය පසුකොට ගංගාරාමය විහාරස්ථානයට පැමිණීමෙන් අනතුරුව සාමයේ දූපතට සාමයේ පාගමන අවසන් වෙයි.
