.webp)
-614619.jpg)
COLOMBO (News 1st) - මිදිගම, යාහුවත්ත ප්‍රදේශයේ නිවසකට වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබේ.
පොලීසිය සඳහන් කළේ, ඊයේ රාත්‍රී 11.45 ට පමණ පැමිණි පිරිසක්, නිවසට වෙඩි තබා, එහි තිබූ මෝටර් රථයකට ද ගිනි තබා ඇති බවයි.
වෙඩි තැබීමෙන් කිසිවෙකුටත් තුවාල සිදුව නැහැ.
වෙඩි තැබීම කර ඇත්තේ, ටී 56 ගිනි අවියකින් ය.
එම ස්ථානයේ තිබී ජීව උණ්ඩ 12 ක් සහ හිස් පතොරම් කොපු 5 ක් සොයාගෙන තිබේ.
වෙඩි ප්‍රහාර එල්ල වූ නිවසේ හිමිකරු වැලිගම නගරයේ කායවර්ධන මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන අයෙකි.
වෙඩි තැබීමට හේතුව, මෙතෙක් අනාවරණය වී නැහැ.
