.webp)

COLOMBO (News 1st) - කොළඹ සහ කටුනායක ආශ්‍රිතව අද හා හෙට, විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක වෙයි.
ඒ, ඉන්දීය උප ජනපති සී පී රාධක්‍රිෂ්ණන්ගේ ශ්‍රී ලංකා සංචාරය හේතුවෙන්.
එම දින දෙකේ, ඇතැම් අවස්ථා වල, ඇතැම් මාර්ග වල වාහන ධාවනය සීමා කිරීමට සිදුවන බව ද, පොලීසිය නිවේදනය කළේ ය.
එම අවස්ථාවල විකල්ප මාර්ග භාවිත කරන්නැයි පොලීසිය ජනතාවට දැනුම් දෙයි.
