.webp)
-614631.jpg)
COLOMBO (News 1st) -
ඉන්දීය උප ජනාධිපති සී. පී. රාධක්‍රිෂ්ණන්, දෙදින නිල සංචාරයක් සදහා අද පෙරවරුවේ දිවයිනට පැමිණියේ ය.
කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී ඉන්දීය උප ජනාධිපතිවරයා ඇතුළු පිරිස පිළිගත්තේ, ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ ඇතුළු මැති ඇමතිවරුන් පිරිසක් විසින්.
සංචාරය අතරතුර, ඉන්දීය උප ජනාධිපතිවරයා, ජනාධිපති අනුර කුමාර දිසානායක සහ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීම නියමිතයි.
දේශපාලන හා ප්‍රජා නායකයින් හමුවීම සඳහා සංවිධානය කර ඇති වැඩසටහන් කිහිපයකට ද ඔහු සහභාගී වීමට නියමිත බව, විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කළේ ය.
ඉන්දීය උප ජනාධිපතිවරයාගේ සංචාරය හේතුවෙන් අද සහ හෙට කොළඹ සහ කටුනායක ආශ්‍රිතව විශේෂ රථ වාහන සැලැස්මක් ද, ක්‍රියාත්මක වෙයි.
