ඉන්දීය උප ජනපති දෙදින නිල සංචාරයක් සඳහා අද දිවයිනට

ඉන්දීය උප ජනපති දෙදින නිල සංචාරයක් සඳහා අද දිවයිනට..

by Staff writer 19-04-2026 | 8:20 AM

COLOMBO (News 1st) -  ඉන්දීය උප ජනාධිපති සී. පී. රාධක්‍රිෂ්ණන්, දෙදින නිල සංචාරයක් සඳහා අද දිවයිනට පැමිණෙයි.

සංචාරය අතරතුර, ඉන්දීය උප ජනාධිපතිවරයා, ජනාධිපති අනුර කුමාර දිසානායක සහ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීම නියමිතයි.

දේශපාලන හා ප්‍රජා නායකයින් හමුවීම සඳහා සංවිධානය කර ඇති වැඩසටහන් කිහිපයකට ද ඔහු සහභාගී වීමට නියමිත බව, විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කළේ ය.

'දිට්වා' සුළි කුණාටුවෙන් පීඩාවට පත්වූවන් පුනරුත්ථාපනය කිරීමේ ව්‍යාපෘති සහ ඉන්දීය රජයේ ආධාර යටතේ ක්‍රියාත්මක වන සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව ද උප ජනාධිපතිවරයාගේ අවධානය යොමු වනු ඇති.

ඉන්දීය රජයේ ඉහළ පෙළේ දූත පිරිසක් ද, උප ජනාධිපති රාධක්‍රිෂ්ණන් සමඟ එම සංචාරයට එක්වීමට නියමිතයි.