කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්!

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්!

by Staff writer 16-04-2026 | 7:26 AM

COLOMBO(News1st) - බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම, ඌව සහ වයඹ පළාත්වලට අද(16) පස්වරු 1න් පසු වැසි හෝ තැනින් තැන වැසි ඇති විය හැකි බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

සබරගමුව පළාතේත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලටත්, මිලිමීටර 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකියි.

අකුණු අනතුරුවලින් ආරක්ෂා වීමට පියවර ගන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.