විශේෂ ප්‍රවාහන සේවා අදත්

විශේෂ ප්‍රවාහන සේවා අදත්

by Staff writer 15-04-2026 | 9:36 AM

COLOMBO(News1st) - සිංහල - දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා ගිය ජනතාවට නැවත කොළඹ පැමිණීමට විශේෂ ප්‍රවාහන සේවා අද සිට ආරම්භ වේ.

ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් නිලාන් මිරැන්ඩා සඳහන් කළේ, අද(15) සිට 20 වෙනිදා දක්වා මගී අවශ්‍යතාව පරිදි අතිරේක බස් රථ ධාවනයට ද සැලසුම් කර ඇති බවයි.

ඒ අනුව බදුල්ල, බණ්ඩාරවෙළ, නුවරඑළිය, මහනුවර හා දකුණු පළාත මූලික කර ගනිමින් එම ප්‍රවාහන සේවා ක්‍රියාත්මක වේ.

එමෙන්ම ග්‍රාමීව ප්‍රදේශවල සිට කොළඹ දක්වා බස් රථ ධාවනයට යොදවා ඇති බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි.

එහි සභාපති සජීව නන්දන කණකරත්න පැවසුවේ, බස් රථ 1500 ක් ඒ වෙනුවෙන් යොදවා ඇති බවයි.

එමෙන්ම අලුත් අවුරුද්දට ගම් බිම් බලා ගිය ජනතාවට නැවත කොළඹට පැමිණීම සඳහා අද(15) සිට විශේෂ දුම්රිය සේවාද ක්‍රියාත්මක වේ.

දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ලබන 19 වැනිදා දක්වා එම දුම්රිය සේවා ක්‍රියාත්මක බවයි.

ඒ අනූව 
අනුරාධපුරය - කොළඹ කොටුව
කන්සන්තුරය - අනුරාධපුරය
මාතර - මරදාන 
බෙලිඅත්ත - මරදාන අතර

විශේෂ දුම්රිය සේවා ක්‍රියාත්මක වනවා.