චීන මහ පාරේ දුවන හියුමනොයිඩ් රොබෝවරු!

චීන මහ පාරේ දුවන හියුමනොයිඩ් රොබෝවරු!

by Janitha Mendis 13-04-2026 | 12:30 PM

COLOMBO (News 1st) - බීජිං නුවර නිහඬ මධ්‍යම රාත්‍රියේ, සාමාන්‍යයෙන් මිනිසුන් නින්දට වැටෙන හෝරාවේ, ඊ-ටවුන් (E-Town) වීදි අද අවදි වී ඇත්තේ අනාගත ලෝකයේ පෙර නිමිති සමඟයි.

මේ දුවන්නේ මිනිසුන් නොවේ.. දෙපයින් ඇවිදින, මිනිස් හැඩයට නිම කළ "හියුමනොයිඩ්" (Humanoid) රොබෝවරුන් පිරිසක්!

ලොව පුරා විසිරුණු කණ්ඩායම් 70කට අධික සංඛ්‍යාවක් සිය නවීනතම රොබෝ නිර්මාණ සමඟ බීජිං වීදිවලට පිවිසියේ අතිශය තීරණාත්මක පරීක්ෂණයකට මුහුණ දීමටයි. ඒ, ලබන අප්‍රේල් 19 වනදා පැවැත්වීමට නියමිත "බීජිං ඊ-ටවුන් රොබෝ අර්ධ මැරතන්" තරගයට පෙර පුහුණුවක් ලෙසින්.

කිලෝමීටර් 21ක දැවැන්ත අභියෝගයක්! ඇතැම් රොබෝවරුන් පූර්ණ ස්වයංක්‍රීයව මඟ සලකුණු හඳුනා ගනිමින් ඉදිරියට ඇදෙන අතර, තවත් පිරිසක් දුරස්ථ පාලක මඟින් මෙහෙයවනු ලබනවා.

මෙය හුදෙක් වේගය මැන බලන තරගයක්ම පමණක් නොවේ. මේ යන්ත්‍ර මිනිස් ලෝකයේ සංකීර්ණ පරිසරයන්ට කෙතරම් සාර්ථකව අනුගත වන්නේද යන්න මෙහිදී පරීක්ෂාවට ලක් කෙරෙනවා.

අප්‍රේල් 19 වනදා, මිනිසුන් සහ රොබෝවරුන් එකම ධාවන පථයක තරග වැදීමට නියමිතයි. විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටවල පමණක් දුටු දර්ශන, දැන් සැබෑ ලෝකයේ යථාර්ථයක් බවට පත්වෙමින් තිබෙනවා.

AI, "හියුමනොයිඩ්" (Humanoid) රොබෝවරු නිසා අනාගතයේ ලෝකයේ කෙසේනම් වෙනස් වේවිද? ඔබේ අදහස Comment කරන්න!