.webp)
-614292.jpg)
ඒ සමාජ මාධ්ය ඔස්සේ සංසරණය වන දුරකථන සංවාදයක් පදනම් කරගනිමිනි.
ලංකා ගල් අඟුරු සමාගම මීට පෙර ලබාදුන් දිගු කාලීන ගල් අඟුරු ටෙන්ඩරය මගින් ගෙන්වල ලද තොග නියමිත ප්රමිතියෙන් නොමැතිවීම නිසා පසුගිය මාසයේ හදිසි මිලදී ගැනීම සඳහා ටෙන්ඩර් කැදවීමක් සිදු කළේ ය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත අද(13) පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් මුජිබර් රහුමාන් ප්රකාශ කළේ, එම ටෙන්ඩරය ලබාදීමේදී අක්රමිකතාවක් සිදුව ඇති බවයි.
ලංකා ගල් අඟුරු සමාගමේ සභාපති ජයන්ත රත්නායක පැවසුවේ, එම සංවාදය මාර්තු 25 වෙනිදා තමන් සමග එම සමාගමේ සාමාන්යාධිකාරී සහ ගල් අඟුරු සැපයුම් සමාගමේ දේශීය නියෝජතයාගේ නිලධාරියෙකු අතර සිදුවූවක් බවයි.
ඒ සමාජ මාධ්ය ඔස්සේ සංසරණ වන දුරකථන සංවාදය පිලිබඳව නිවේදනයක් නිකුත් කරමින් ය.
තමන් කොන්ත්රාත් ප්රදානය කර තිබූ සැපයුම්කාර සමාගමේ දේශීය නියෝජිතයා අමතා ඊට අදාලව බැංකුව විසින් නිකුත් කරන කාර්යය සාධන ඇපකරය, අදාල බැංකුව විසින් නිකුත් කරන ලද දිනය වන 2026 මාර්තු 25 දිනැතිව ලබාදෙන ලෙස කළ දැනුම්දීමක් මත සිදුකළ බව සභාපතිවරයා පෙන්වා දී තිබේ.
ඒ ටෙන්ඩර් මණ්ඩලය හරහා නිසි සුදුසුකම් ලත් මෙන්ම කැබිනට් අනුමැතිය ද සහිතවයි.
ඊට අදාල හඬ පටයක් විවිධ අර්ථ ගැන්වෙන අයුරින් විකෘති කොට සමාජ මාධ්ය ජාල තුල ප්රචාරය කරන බවත් සභාපතිවරයා පවසයි.
හදිසි ගල් අඟුරු සැපයුම, අදාල ටෙන්ඩර් පටිපාටිය හා අදාල ප්රසම්පාදන ක්රමවේදය නියම ආකාරයෙන් අනුගමනය කර ඇති බවත්, එම ක්රියාවලිය සාර්ථකව ක්රියාත්මක වන බවත්, ලංකා ගල් අඟුරු සමාගමේ සභාපතිවරයා ප්රකාශ කළේ ය.
මේ අතර මුද්රා තබා ඇති කොහුවල පිහිටි ලංකා ගල් අඟුරු සමාගමේ කාර්යාලය අනිද්දා(15න්) විවෘත කිරීමට නියමිතයි.
බලශක්ති අමාත්යාංශය ප්රකාශ කළේ, අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව මගින් සිදුකරන විමර්ශනයට අදාලව අවශ්ය ලිපිගොනු එදිනට ලබා ගනු ඇති බවයි.
එම කටයුතු වලින් පසු, ගල් අඟුරු සමාගමේ මෙහෙයුම් සමාන්ය පරිදී සිදුකෙරෙන බවද, බලශක්ති අමාත්යාංශය ප්රකාශ කළේ ය.
ලංකා ගල් අඟුරු සමාගමේ කාර්යාලය මුද්රා තැබීමට අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව පෙරේදා(11) පස්වරුවේ පියවර ගෙන තිබුණි.
ඒ 2009 සිට ගල් අඟුරු ආනයනය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව විසින් විමර්ශනයක් ආරම්භ කර තිබේ.
ඒ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරන ලෙස ජනාධිපති ලේකම් නන්දික සනත් කුමාරනායක සිදුකළ පැමිණිල්ලකට අදාලවයි.
මේ අතර විමර්ශනයට අදාලව අවශ්ය සෝදීසි කිරීම් සහ ලිපිගොනු පරීක්ෂාවන් සිදුකරමින් අවශ්ය විශ්ලේෂණ ආරම්භ කරමින් ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්රකාශ කළේ ය.
