අලුත් අවුරුද්ද පිළිගන්න රටම සූදානම්..

එකම නැකතකට රටම වැඩ අල්ලන සිංහල දෙමළ අලුත් අවුරුද්ද පිළිගන්න රටම සූදානම්..

by Staff writer 13-04-2026 | 8:56 PM

COLOMBO(News1st) -  එකම නැකතකට රටම වැඩ අල්ලන සිංහල දෙමළ අලුත් අවුරුද්ද උදා වීමට තවත් ඇත්තේ හෝරා කිහිපයක් පමණයි.

අලුත් අවුරුද්ද පිළිගන්න මේ වෙද්දී රටම සූදානම්..

සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට ගමන් කිරීම අලුත් අවුරුදු උදාව ලෙස හඳුන්වයි.

පුරාණ සම්ප්‍රදායට අනුව අද පරණ අවුරුදු දවස..

අතීතයේ සිටම  ශ්‍රී ලාංකිකයින් පරණ අවුරුද්දේ සිය නිවෙස් පිරිසිදු කිරීම් හා අලුත් අවුරුදු කැවිලි පෙවිලි ආදිය සකසා ගැනීම සිදු කළ අතර

ඔවුන් මේ කටයුතු සියල්ල අවසන් කරන්නේ පුණ්‍ය කාලය ලැබීමට පෙරයි.

පරණ අවුරුද්ද සඳහා ස්නානය කිරීම අදට යෙදී තිබේ.

දිවුල්පත් යුෂ මිශ්‍ර නානු ගා ස්නානය කොට ඉෂ්ට දේවතා අනුස්මරණය කිරීම සුදුසු බව, ජෝතිෂ්‍යයේ දැක්වේ.

පුණ්‍ය කාලය යෙදී ඇත්තේ,  හෙට(14) පූර්වභාග 03.08 ට සිට අපරභාග 03.56 දක්වායි.

අප්‍රේල් මස 14 වන අඟහරුවාදා එනම් හෙට පූර්වභාග 09.32 ට මෙවර සිංහල දෙමළ අලුත් අවුරුදු උදාවනවා.

අහාර පීසීමේ නැකත යෙදී ඇත්තේ හෙට(14) පූර්වභාග10.51යි.

රක්ත වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දීසාව බලා ලිප් බැද ගිනි මොළවා කිරිබත්ද, කැවිලි වර්ගයක්ද දී කිරි සහ විළද ද පිළියෙල කර ගැනිම සිදු කළ යුතුයි.

වැඩ ඇල්ලීම, ගණුදෙනුකිරීම සහ ආහාර අනුභව නැකත හෙට(14) අපරභාග 12.06 ට යෙදී තිබෙන අතර
රක්ත වර්ණ වස්ත්‍රාභාරණයෙන් සැරසී දකුණු දිශාව බලා වැඩ අල්ලා ගණුදෙනු කොට ආහාර අනුභවය සුදුසු බව නැකත් පත්‍රයේ සඳහන් වේ.