පිටකොටුව බස් නැවතුම්පලේ දේපලවලට හානි කළ අයෙකු කොටු

පිටකොටුව බස් නැවතුම්පලේ දේපලවලට හානි කළ පුද්ගලයෙකු රිමාන්ඩ්

by Staff writer 12-04-2026 | 12:21 PM

COLOMBO (News 1st) - නවීකරණය කර විවෘත කළ පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පලෙහි දේපලවලට හානි කළ පුද්ගලයෙකු ලබන 17 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඒ, අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

පසුගිය 08 වැනිදා ඔහු අත්අඩංගුවට ගෙන තිබුණි.

ඒ පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පලෙහි දේපලවලට හානි සිදුකර ඇති බවට බස් නැවතුම්පලෙහි සුභ සාධක අංශය විසින් සිදු කළ පැමිණිල්ලකට අනුවයි.

සැකකරු 33 හැවිරිදි කැලණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සිදුව ඇති හානිය සම්බන්ධව ශ්‍රී ලංකා ගුවන් හමුදාව මඟින් තක්සේරු වාර්තාවක් කැඳවීමට නියමිතයි.