පෙට්‍රල් සඳහා QR ක්‍රමවේදය ඉවත් කෙරේ

ලබන 18 වැනිදා මධ්‍යම රාත්‍රී 12 දක්වා පෙට්‍රල් සඳහා QR ක්‍රමවේදය ඉවත් කර තිබේ.

by Staff writer 11-04-2026 | 12:36 PM

COLOMBO(News1st) - අද මධ්‍යම රාත්‍රී 12 සිට ලබන 18 වැනිදා මධ්‍යම රාත්‍රී 12 දක්වා පෙට්‍රල් සඳහා QR ක්‍රමවේදය ඉවත් කර තිබේ.

කෙසේ වෙතත් ඔත්තේ ඉරට්ටේ ක්‍රමවේදය අඛණ්ඩව ක්‍රියාත්මකයි.

ඩීසල් සම්බන්ධයෙන් QR ක්‍රමවේදයේ කිසිදු වෙනසක් නොවන බව ලංකා ඛණීජ තෙල් සංස්ථාව සඳහන් කළේය.

මේ අතර මෙට්‍රික් ටොන් තිස් දහසක දැවි තෙල් නෞකාවක් හෙට(12) මෙරටට ලඟාවන බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

එහි කළමණාකරණ අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාරගේ සඳහන් කළේ, මෙරට විදුලි ජනනය සඳහා එම දැවි තෙල් ලබා දෙන බවයි.

මේ අතර රුසියානු තෙල් මිලදී ගැනීමේ සාකච්ඡා එකඟතාවයන් කිහිපයක් මත පදනම්ව තවදුරටත් පැවැත්වෙන බව ඔහු ප්‍රකාශ කළා.