.webp)

එහි පූර්ව තරග ඉසව් කිහිපයක් අද පැවැත්විය.
ආපදාවලදී ජනතාවට සහන සලසන, ගම්මැද්ද Search and Rescue යාත්රා දෙක පළමුවරට දියත් කිරීම ද අද සිදුවිය.
හදිසි ආපදා තත්ත්වයකදී පීඩාවට පත් ජනතාව බේරා ගැනීමට සහ ඔවුන්ට සහන සැපයීම වෙනුවෙන් ගම්මැද්ද Search and Rescue වැඩසටහන ක්රියාත්මකයි.
නවීන තාක්ෂණයෙන් ශ්රී ලංකාවේ නිෂ්පාදිත මෙම ජීවිතාරක්ෂක යාත්රා දෙක පසුගියදා ගම්මැද්දට හිමිවිය.
මේ සුවිශේෂ අවස්ථාවට ගම්මැද්ද නායක ශෙවාන් ඩැනියල්, MTVප්රධාන විධායක නිලධාරී යසරත් කමල්සිරි, ශ්රී ලංකා ජීවිතාරක්ෂක සංගමයේ ප්රධාන විධායක නිලධාරී අසංක නානායක්කාර ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.
කාන්තා පිරිමි පා පැදි සවාරි, මැරතන් ධාවන තරග, ජල ක්රීඩා ඇතුළු අංග 40 ක් සහිතව සිරස වසන්ත උදානය හෙට උදෑසන සිට පැවැත්වෙන්නේ, තිස්සමහාරාම වීරවිල NLDB ක්රීඩාංගණයේදීය.
