.webp)

ඒ අනුව එම වෛද්‍යවරුන් අද(09) සිට අනිද්දා(11) දක්වා කාලය තුළ අනුයුක්ත කර ඇති රජයේ රෝහල් හෝ සෞඛ්‍ය ආයතනය වෙත සේවයට වාර්තා කළ යුතුයි.
එම නවක වෛද්‍ය නිලධාරීන් පත්වීම් සඳහා ඉල්ලුම් කර ඇති ආකාරය සහ ඔවුන්ගේ කුසලතා ලේඛනය පදනම් කර ගනිමින් අනුයුක්ත කිරීම සිදුකර තිබේ.
ඒ විනිවිදභාවයකින් හා විද්‍යාත්මක ක්‍රමවේදයක් යටතේයි.
දිවයින පුරා පවතින වෛද්‍ය අවශ්‍යතාවයන් සපුරාලීමේ අරමුණින් මෙම අනුයුක්ත කිරීම සිදු කළ බවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පවසයි.
