Artemis II ගගනගාමීන්ගෙන් නව වාර්තාවක්

Artemis II ගගනගාමීන්, පෘථිවියේ සිට වැඩිම දුරක් ගමන් කළ මිනිසුන් බවට පත්වෙයි.

by Janitha Mendis 07-04-2026 | 6:47 AM

COLOMBO(News1st) - සඳේ කක්ෂය වටා ගමන් කරමින් සිටින නාසා ආයතනයේ "Artemis II" මෙහෙයුමේ ගගනගාමීන් නව වාර්තාවක් පිහිටුවා තිබෙනවා.

ඒ පෘථිවියේ සිට වැඩිම දුරක් ගමන් කල මිනිසුන් කණ්ඩායම බවට පත්වෙමින්.

මීට පෙර අදාළ වාර්තාව හිමි වූයේ 1970 වසරේදී කිලෝමීටර 400,171 දුරක් වාර්තා කළ ඇපලෝ 17 මෙහෙයුමේ ගගනගාමීන් කණ්ඩායමටයි.

Artemis II මෙහෙයුමේ ගගනගාමීන් සිව් දෙනා දැනටමත් එම වාර්තාව බිඳ දමා ඇති අතර මෙහෙයුම අවසන් වනවිට ඔවුන් පෘථිවියේ සිට කිලෝමීටර 400,672 දුරක් ගමන් කරනු ඇති.

මෙය Artemis II මෙහෙයුමේ ස්පේස් ලෝන්ච් රොකට් යානය සහ ඔරායන් කැප්සියුලය ගමන් ගන්නා මුළු දුර නොවන බවත්, එය පෘථිවියේ මධ්‍යයේ සිට අභ්‍යවකාශ යානයට ඇති උපරිම සරල රේඛීය දුර බවත් විදෙස් වාර්තා වල සඳහන්.