අලි මිනිස් ගැටුම උග්‍ර අතට

දිට්වා සුළි කුණාටුවත් සමග අලි වැට බිඳ වැටීම් හමුවේ, අලි මිනිස් ගැටුම උග්‍ර අතට - පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි

by Staff writer 06-04-2026 | 7:34 AM

COLOMBO (News 1st) - දිට්වා සුළි කුණාටුවත් සමග අලි වැට බිඳ වැටීම හේතුවෙන් අලි මිනිස් ගැටුම උත්සන්න වී ඇතැයි, පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි පවසයි.

අමාත්‍යවරයා පැවසුවේ, වන අලි ගම්වැදීම පාලනය සඳහා වනාන්තර ආශ්‍රිතව සුපෝෂණ කලාප ඉදිකිරීමටද පියවර ගෙන ඇති බවයි.

නිව්ස්ෆස්ට්හි නිපුණ විජයබණ්ඩාර සමගින් සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේ ය.

මේ අතර එප්පාවල ස්ථාන තුනකදී වන අලි පහරදීමෙන් ඊයේ (05) පුද්ගලයින් තුන් දෙනෙකු මියගියහ.

පොලීසිය සඳහන් කළේ, අවුරුදු 48, 36 සහ 51 යන වයස්වල පසුවන පුද්ගලයින් තුන්දෙනෙකු එලෙස මියගොස් ඇති බවයි.