ඉහළ ගිය ගෑස් මිල....

ඉහළ ගිය ගෑස් මිල....

by Staff writer 06-04-2026 | 8:54 AM

COLOMBO (News 1st) - ලිට්‍රෝ සහ ලාෆ් ගෑස් සමාගම් ඊයේ (05) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ගෘහස්ත ගෑස් මිල ඉහළ දමා තිබේ.

ඒ අනුව ලිට්‍රෝ සමාගම කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 775කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 4,765 ක්.

ලාෆ් සමාගම කිලෝග්‍රෑම් 12.5 ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,070 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 5,700 ක් වේ.

ලිට්‍රෝ සමාගම නිවේදනය කළේ, කිලෝග්‍රෑම් 5 ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 308 කින් වැඩි කර ඇති බවයි.

එහි නව මිල රුපියල්  1,910ක් වන බවයි.

ලාෆ් සමාගම කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල වැඩිකර ඇත්තේ රුපියල් 418 කිනි.

ඒ අනුව එහි නව මිල රුපියල් 2,280ක් වන බව ලාෆ් ගෑස් සමාගම ප්‍රකාශ කළේ.

ලිට්‍රෝ සමාගම, කිලෝග්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 140 කින් ඉහළ දැමීමත් සමග එහි නව මිල රුපියල් 890 ක්.

මේ අතර අප්‍රේල් මාසය සඳහා අවශ්‍ය ගෑස් මෙට්‍රික් ටෝන් 14,900ක් මෙරටට ලැබී ඇති බව ලිට්‍රෝ සමාගම පවසයි.

තවත් ගෑස් මෙට්‍රික් ටෝන් 23,100ක් මේ මාසයේ ලැබීමට නියමිත බව සඳහන්.

මේ අතර ගෑස් මෙට්ට්‍රික් ටොන් 7,000 ක් රැගත් නෞකාවක් හම්බන්තොට වරායට පැමිණි ඇති බවත් හෙට (07) සිට එම ගෑස් වෙළෙඳපළට නිකුත් කරන බවත් ලාෆ් ගෑස් සමාගම සඳහන් කළේ ය.

මේ අතර අමාත්‍ය විජිත හේරත් පැවසුවේ මෙරටට අවශ්‍ය ගෑස්වලින් 80%ක් අමෙරිකාවෙන් පැමිණෙන බවයි.