ජනපතිගේ පාස්කු ඉරිදා දින සුබපැතුම් පණිවුඩය

යුද්ධය වෙනුවට සියලු ලෝ වැසියන්ට සාමය හා සහජීවනය ප්‍රාර්ථනා කරනවා - ජනපති

by Staff writer 05-04-2026 | 7:10 AM

COLOMBO(News1st) - එදිරිවාදිකම් පෙරදැරිව සිදු කරන යුද්ධය වෙනුවට සියලු ලෝ වැසියන්ට සාමය හා සහජීවනය ප්‍රාර්ථනා කරන බව, ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.

ඒ, පාස්කු ඉරිදා වෙනුවෙන් සුබපැතුම් පණිවුඩය නිකුත් කරමින් ය.

ජනාධිපතිරයා පෙන්වා දෙන්නේ, යේසුස් වහන්සේගේ ඉගැන්වීමේ දැක්වෙන පරිදි, හදවත් ප්‍රේමයෙන්, ඉවසීමෙන් සහ සමාව දීමේ ගුණයෙන් පුරවා එක මවකගෙ දරුවන් මෙන් භේද දුරලා ඉදිරියටම යා යුතු බවයි.