.webp)
-613644.jpg)
ඒ, පොලිස්පතිවරයාගේ නියමයකට අනුවය. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් මහතා සඳහන් කළේ, එම සිද්ධිය සම්බන්ධයෙන් වන විමර්ශන මේ වන විටත් ආරම්භ කර ඇති බවයි.
සංවිධානාත්මක අපරාධකරුවෙකු වූ 'ගනේමුල්ල සංජීව' ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකාරියක වන ඉෂාරා සෙව්වන්දි නමැත්තිය, මේ වන විට රැඳවුම් නියෝග මත කොළඹ අපරාධ කොට්ඨාසය භාරයේ රඳවා තබා ප්‍රශ්න කරමින් සිටියි.
අදාළ සැකකාරියගේ උපන්දිනය වෙනුවෙන් කොළඹ අපරාධ කොට්ඨාසය තුළ සාදයක් පැවැත්වීමට කේක් රැගෙන ආ බව හෙළි වීමත් සමඟ, එහි ස්ථානාධිපතිවරයා වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානය වෙත මාරු කර යවා තිබේ.
