මන්ත්‍රී මනෝ ගනේෂන් ඇතුළු පිරිසක් ජනපති හමුවෙයි...

දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් ඇතුළු පක්ෂ සාමාජිකයින් ජනපති හමුවෙයි...

by Staff writer 02-04-2026 | 9:07 PM

COLOMBO (News 1st) - දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් ඇතුළු එම පක්ෂයේ සාමාජිකයින්  පිරිසක් අද (02) පෙරවරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවිය.

ඒ ජනාධිපති කාර්යාලයේදී යි.

මලෛයිගම් ජනතාව මුහුණ දෙන අධ්‍යාපන, නිවාස සහ ඉඩම් ගැටලු පිළිබඳවත්, ඒ වෙනුවෙන් ගත යුතු කඩිනම් පියවර පිළිබඳවත් මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කරතිබේ.

එම සියලු ගැටලු පිළිබඳව ජනාධිපතිවරයාගේ විශේෂ අවධානය යොමුවුණා.

එමෙන්ම, කඳුකරයේ පාසල්වල ගුරු හිඟය පියවීම සඳහා සුදුසුකම් ලත් දෙමළ මාධ්‍ය ගුරුවරු කඩිනමින් බඳවා ගැනීම පිළිබඳවද, මෙහිදී සාකච්ඡාවට ලක් වූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ය.

එම හමුවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පී. දිගම්බරම්, වී.රාධාක්‍රිෂ්නන්  ඇතුළු පක්ෂ සාමාජිකයින් පිරිසක් එක්ව සිටියහ.