.webp)

පොලීසිය පැවසුවේ, අදාළ පාසලේ 09 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙකු අදාළ විදුහල්පතිවරයා විසින් අපයෝජනය කළ බවට සිසුවාගේ පියා විසින් ජාතික ළමා රක්ෂක අධිකාරියට පැමිණිලි කර ඇති බවයි.
එම අධිකාරිය විසින් කළ දැනුම් දීමකට අදාළව මහවෙල පොලීසියේ නිලධාරීන් විසින් අද(31) උදෑසන විදුහල්පතිවරයා අත්අඩංගුවට ගෙන තිබේ.
අදාළ දරුවා ඊයේ දිනයේදී රෝහල් ගත කළ බවද පොලීසිය ප්‍රකාශ කළේ ය.
අත්අඩංගුවට ගත් 50 හැවිදිරිදී විදුහල්පතිවරයා අද(31) නාඋල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
