හෙට තෙල් ලැබෙන්නේ කාටද? තීරණය අද...

හෙට තෙල් ලැබෙන්නේ කාටද? තීරණය අද...

by Staff writer 31-03-2026 | 9:44 AM

COLOMBO (News 1st) -  ඉන්ධන නිකුත් කිරීමේදී හෙට (01) දිනයේ අනුගමනය කළ යුතු ක්‍රමවේදය සම්බන්ධයෙන් අද(31)  තීරණය කරන බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

ඒ, අද සහ හෙට දින දෙකම, ඔත්තේ දිනවීම හේතුවෙනි.

මයුර නෙත්තිකුමාරගේ සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් අද දිනයේ සාකච්ඡාවක්ද පවත්වන බවයි

අංක තහඩුවේ අවසාන අංකය 0,2,4,6 සහ 8 නම් ඉරට්ටේ දිනවලත්, 1,3,5,7 සහ 9 යන අංක ඔත්තේ දිනවලත් ඉන්ධන නිකුත් කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පසුගියදා තීරණය කළේ ය.

මේ අතර ඉන්ධන මෙට්‍රික් ටොන් 32,000ක් රැගත් නෞකාවක් බ්‍රහස්පතින්දා දිනයේ මෙරටට පැමිණෙන බව ලංකා ඛණිජ තෙල් සංස්ථාව පවසයි.