දිවයිනට රැගෙන ආ 'මිදිගම චූටි' CID අත්අඩංගුවට...

දිවයිනට රැගෙන ආ 'මිදිගම චූටි' CID අත්අඩංගුවට...

by Staff writer 30-03-2026 | 9:25 AM

COLOMBO (News 1st) - ඕමාන්හිදී ආරක්ෂක අංශ භාරයට ගත්, මෙරට ප්‍රබල සංවිධානාත්මක අපරාධකල්ලි සාමාජිකයෙකු වන ප්‍රභාත් මදුසංඛ හෙවත් 'මිදිගම චූටි'  අද (30) අලුයම දිවයිනට රැගෙන එනු ලැබීය.

පොලිස් නිලධාරින් කණ්ඩායමක්, අද අලුයම ඔහුව දිවයිනට රැගෙන එනු ලැබුවේ ඕමානයේ මස්කට් නුවර සිට පැමිණි  ස්ලාම් එයාර් ගුවන් සේවයේ ගුවන් යානයකිනි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ්. යූ. වුට්ලර් පැවසුවේ, ඔහුව දිවයිනට රැගෙන ඒමෙන් පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත රැගෙන ගිය බවයි.

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන  ප්‍රභාත් මධුසංඛ හෙවත් මිදිගම චූටි නැමැත්තා ඕමාන් රාජ්‍යයේදී අත්අඩංගුවට ගෙන තිබුණේ පසුගිය වසරේදී ජූනි මස අගදීයි.

ඔහු හරක් කටා සමග නැමති සංවිධානාත්මක අපරාධකරු සමග එක්ව මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන බවට කරුණු අනාවරණ වී තිබිණි.

පොලිසිය පැවසුවේ, ඔහු ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍රයක් මගින් විදෙස් ගතව ඇති බවයි.

සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලිසිය හරහා රතු නිවේදනද නිකුත් කර තිබේ.

මාතර වැලිගම හා මිදිගම අවට සිදුවූ අපරාධ රැසකටම මිදිගම චූටි නැමැත්තා සම්බන්ධ බවට කරුණු අනාරවණය වී ඇත.