.webp)

එහි සභාපති ඩී.ඒ.රාජකරුණා පැවසුවේ, එහි ඩීසල් මෙට්‍රික් ටොන් 18000 ක් හා 92 වර්ගයේ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 18000 ක් අඩංගු බවයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි අතර පසුගියදා සිදුවූ රාජ්‍ය තාන්ත්‍රික දුරකථන සාකච්ඡාවෙන් අනතුරුව මෙම නෞකාව මෙරටට පැමිණීම සිදු වෙයි.
ඉන්ධන සැපයුම සම්බන්ධයෙන් පවතින ගැටලු විසඳා ගැනීම සඳහා ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ඉහළ මට්ටමේ රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීම් සිදු විය.
ඒ අනුව ලංකා IOC සමාගම වෙත ඉන්ධන නැවක් එවීමට ඉන්දීය තෙල් සමාගම තීරණය කරනු ලැබුවේ ය.
ලබන මාසය තුළ ඉන්ධන නෞකා 10 ක් මෙරටට පැමිණීමට නියමිතයි.
ඩීසල්, අප්‍රේල් මාසය මැද දක්වා මෙන්ම 92 හා 95 වර්ගයේ පෙට්‍රල් ජුනි මාසය දක්වා ප්‍රමාණවත් පරිදි ඇනවුම් පවතින බවත් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ප්‍රකාශ කළේ ය.
