සම්මාන රැසකින් පිදුම්ලැබූ සිරසTV,News1st,ශක්ති TV1

රයිගම් ටෙලීස් සම්මාන උළෙලේදී සිරස TV, News1st , ශක්ති TV සහ TV1 සම්මාන රැසකින් පිදුම් ලබයි...!

by Staff writer 28-03-2026 | 10:22 PM

COLOMBO (News1st): 2025 රයිගම් ටෙලීස් සම්මාන උළෙලේදී සිරස TV, News1st , ශක්ති TV සහ  TV1 සම්මාන රැසකින් පිදුම් ලැබුවේ ය.

රයිගම් ටෙලීස් සම්මාන උළෙල අද පස්වරුවේ කොළඹදී ආරම්භ කෙරුණේ ජ්‍යේෂ්ඨ කලා ශිල්පීන් ඇතුළු සම්භාවනීය ආරාධිතයින් රැසකගේ සහභාගීත්වයෙන් ය.

2025 වසරේ රූපවාහිනී නිර්මාණ ඇගයීම වෙනුවෙන් මෙවර 22 වැනි වරට රයිගම් ටෙලීස් සම්මාන උළෙල සංවිධානය කර තිබුණි.

වසරේ හොඳම සිංහල ප්‍රවෘත්ති නිවේදකයාට හිමි සම්මානයෙන් පිදුම් ලැබුවේ, නිවුස්ෆස්ට්හි ඉමේෂ් සදර්ලන්ඩ්.

හොඳම ඉංග්‍රීසි ප්‍රවෘත්ති නිවේදක ලෙස TV1 නාලිකාවේ, හෂිනි පතිරණ සම්මාන දිනා ගත්තා ය.

හොඳම දෙමළ ප්‍රවෘත්ති නිවේදකට හිමි සම්මානය හිමිකර ගත්තේ, ශක්ති ටීවීහි ධනුෂියා ඥානසේකරන් ය.

හොඳම රූපවාහිනී හඬ කැවීමට හිමි සම්මානය, සිරස ටීවීහි විකාශය වූ හොටෙල් ටැන්සිල්වේනියා වෙනුවෙන් කාංචන අමරරත්න දිනා ගත්තේ ය.

හොඳම කථිකා වැඩසටහනට හිමි සම්මානය, ලන්ච් ටයිම් ටීවී වෙනුවෙන් ගීත් මධුසංඛට හිමිවිය.

වසරේ හොඳම රියැලිටි වැඩසටහන ලෙස සිරස ඩාන්සින් ස්ටාර් වෙනුවෙන් ලලිත් ජයතිලක සහ අයේෂා රාජරත්නම් සම්මානයට පාත්‍ර විය.

ද වොයිස් ශ්‍රී ලංකා, වසරේ නිර්මාණාත්මක වරලත් රියැලිටි වැඩසටහන ලෙසින් පිදුම් ලැබුවේ ය

එම සම්මානය ලබාගත්තේ, ද වොයිස් ශ්‍රී ලංකා නිෂ්පාදකවරුන් වන ලිලාන් රත්නායක සහ විරාජ් ජයමාන්න.

හොඳම සිංහල ප්‍රවෘත්ති නිවේදිකාව ලෙසින් හිරු ටීවීහි රෝෂිනී විජේසූරිය පිදුම් ලැබුවා ය.

වසරේ හොඳම සිංහල සම්ප්‍රවේශක සම්මානය දිනා ගත්තේ, ජාතික රූපවාහිනියේ සමිත ප්‍රසන්නආරච්චිගේ.

වසරේ හොඳම දෙමළ සම්ප්‍රවේශක ලෙසින් නේත්‍රා ටීවීහි යුවරාජා ගෝකුල්නිරංජන් සම්මාන දිනා ගත්තේ ය.

හොඳම ඉංග්‍රීසි සම්ප්‍රවේශකට හිමි සම්මානය දිනා ගත්තේ, ස්වාධීන රූපවාහිනියේ මරියලා වැන්ඩෝර්ට්.

ජනතා සමීක්ෂණයක් මත පුද කෙරෙන,

වඩාත් ජනගත ටෙලි නාට්‍ය නළුවා - සජිත ඇන්තනී

වඩාත් ජනගත ටෙලි නාට්‍ය නිළිය - මිෂෙල් දිල්හාරා..

වසරේ සම්මානනීය මාධ්‍ය වැඩසටහන් නාලිකාව ලෙස සිරස TV පිදුම් ලැබුවේ ය.