ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහළට

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඇමරිකානු ඩොලර් 100 සීමාවෙන් පහළට

by Staff writer 25-03-2026 | 10:23 AM

COLOMBO(News1st) - ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල අද (25) උදෑසන වන විට ඇමරිකානු ඩොලර් 100 සීමාවෙන් පහළට පැමිණ තිබේ.

ඒ අනුව, අද (25) පෙරවරු 6.00 වන විට බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් (Brent) වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල ඊයේ (24) දිනයට සාපේක්ෂව 6.16%කින් පහළ ගොස් ඇති අතර, එහි නවතම මිල සටහන් වූයේ ඇමරිකානු ඩොලර් 98.5ක් ලෙසයි.

 
ඇමරිකාවේ WTI වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 87යි සත55 ක් ලෙස දක්වා පහළ ගියේය.

එහි මිල අඩුවීමට දැක්වුනේ 5.2%ක් ලෙසයි.