උතුරු කොරියානු නායකයාගෙන් ප්‍රකාශයක්

උතුරු කොරියානු නායකයාගෙන් ප්‍රකාශයක්

by Staff writer 25-03-2026 | 9:34 AM

COLOMBO(News1st) - උතුරු කොරියානු නායක කිම් ජොන්ග් උන්, එරට න්‍යෂ්ටික ව්‍යාපෘති තවදුරටත් පුළුල් කිරීමට ගත් තීරණය සාධාරණීකරණය කරයි.

ඒ, ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාවේ ක්‍රියාකලාපය පිළිබඳව හුවා දක්වමිනි.
 

ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකානු ජනාධිපතිවරයාගේ විදේශ ප්‍රතිපත්තියෙන් හැඩගැසුණු ලෝකයක, යම් රටක ආරක්ෂාව තීරණය වන්නේ ශක්තිමත් හමුදා බලයක් ඇත්නම් පමණක් බව කිම් ජොන්ග් උන් පවසයි. 

උතුරු කොරියාව යනු තවදුරටත් තර්ජනයට ලක්ව ඇති රටක් නොවන බව තමන්ට තහවුරු කළ හැකි බවත්, අවශ්‍ය නම් තර්ජනයක් එල්ල කිරීමේ බලය දැන් උතුරු කොරියාව සතු වන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. 
 

2019 වසරේදී ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමග පැවති සාකච්ඡා බිඳ වැටීමෙන් පසු, උතුරු කොරියාවේ න්‍යෂ්ටික අවි ගබඩාව පුළුල් කිරීම සහ සම්බාධකවලට ඔරොත්තු දිය හැකි 'ස්වයංපෝෂිත ආර්ථිකයක්'  ගොඩනැගීම තමන් ගත් හොඳම තීරණය බවත් කිම් ජොන්ග් උන් පවසයි.