.webp)

මෙරටට ආනයනය කරනු ලබන ඖෂධ වර්ගවල කිසිදු හිඟයක් ඇතිවීමට ඉඩ නොතබන බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.
දැනට ඉරානයෙන් ඖෂධ වර්ග 15කට ආසන්න සංඛ්‍යාවක් ආනයනය කරන බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා පැවසීය.
එලෙස ආනයනය කරනු ලබන ඖෂධ අතර ප්‍රතිජීවක ඖෂධ සහ ඉන්සියුලින් ද වේ.
එම ඖෂධ මාස 06 කට ප්‍රමාණවත් තරම් පවතින බව ද සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කළේය.
ඔහු පැවසුවේ, අවශ්‍ය වුවහොත් වෙනත් රටවලින් එම ඖෂධ ආනයනයට පියවර ගත හැකි බවයි.
