රිය අනතුරකින් දරුවෙකු මරුට...

යතුරුපැදියක් හා ත්‍රිරෝද රථයක් ගැටී සිදුවූ අනතුරකින් දරුවෙකු මරුට...

by Staff writer 23-03-2026 | 8:24 AM

COLOMBO (News 1st) - යතුරුපැදියක් හා ත්‍රිරෝද රථයක් ගැටී සිදුවූ අනතුරකින් 10 හැවිරිදි දරුවෙකු මිය ගොස්, තවත් කිහිප දෙනෙකු තුවාල ලබා තිබේ.

පොලීසිය සඳහන් කළේ, බදුල්ල - බණ්ඩාරවෙල මාර්ගයේ දෝව රජමහා විහාරය අසන්නයේදී, ඊයේ (22) දහවල් මෙම අනතුර සිදුව ඇති බවයි.

බදුල්ල දෙස සිට බණ්ඩාරවෙල දෙසට ධාවන වූ යතුරුපැදිය ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි මෝටර් රථයේ ගැටී අනතුර සිදුව තිබේ.

පොලීසිය සඳහන් කළේ, අනතුරින් තුවාල ලැබූ යතුරු පැදිකරු , ත්‍රිරෝද රථයේ රියදුරු සහ ත්‍රිරෝද රථයේ ගමන් ගත් දරුවෙකු ඇතුළු සිව්දෙනකු ප්‍රතිකාර සඳහා දියතලාව රෝහලට ඇතුළත් කළ බවයි.

පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා බදුල්ල රෝහලට මාරු කර යැවුණු 10 හැවිරිදි දරුවා මෙලෙස මිය ගොස් ඇත.