නීති විරෝධී ඉන්ධන සමග සැකකරුවන් 5ක් අත්අඩංගුවට

නීති විරෝධීව ඉන්ධන තොග සන්තකයේ තබාගෙන සිටි සැකකරුවන් 5 දෙනෙකු අත්අඩංගුවට.

by Staff writer 23-03-2026 | 9:09 AM

COLOMBO(News1st) - ප්‍රදේශ කිහිපයකදී නීති විරෝධීව ඉන්ධන තොග සන්තකයේ තබාගෙන සිටි සැකකරුවන් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ, කෝපායි කරන්දන් පාර ප්‍රදේශයේ පුද්ගලික ගබඩා සංකීර්ණයක් තුළ තිබී නීති විරෝධී ලෙස රැස්කර තිබූ ඩීසල් ලීටර් 4240ක් අඩංගු බැරල් 24ක්, පෙට්‍රල් ලීටර් 840 ක් අඩංගු බැරල් 05ක් සහ භූමිතෙල් ලීටර් 390ක් අඩංගු බැරල් 02ක් සමග 42 හැවිරිදි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

මහරගම පමුණුව ප්‍රදේශයේදී ද බලපත්‍ර නොමැතිව පෙට්‍රල් ලිටර් 22ක්  සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන මහරගම පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇතැයි පොලීසිය සඳහන් කළේය.

නිට්ටඹුව, කම්මල්පිටිය පමුණුව ප්‍රදේශයේ සිල්ලරබඩු වෙළ‍ෙඳසැළක බලපත්‍ර නොමැතිව පෙට්‍රල් ලීටර් 146ක් තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

නෝර්වුඩ්, වෙන්චර්වත්ත ප්‍රදේශයේද වෙළ‍ෙඳසැළක් තුළ බලපත්‍ර නොමැතිව ඩීසල් ලීටර් 565ක් රැස්කර සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, 53 හැවිරිදි පුද්ගලයෙක්.

මිනුවන්ගොඩ, කීනගහලන්ද ප්‍රදේශයේ නිවසක් තුළ බලපත්‍ර නොමැතිව පෙට්‍රල් ලීටර් 20ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.