.webp)
-612819.jpg)
නාගරික කොමසාරිස්වරයා පැවසුවේ, ඉන්ධන පිරවුම්හල් අසළ සහ ඒ අවට ඇති වූ වාහන පෝලිම් හේතුවෙන් රථ වාහන නැවතුම් ගාස්තු අය කිරීම පසුගිය 18 වැනිදා සිට අත්හිටවූ බවයි.
කෙසේ නමුත් QR ක්‍රමවේදය යටතේ ඉන්ධන නිකුත් කිරීම හේතුවෙන් පිරවුම්හල් අසළ වාහන පෝලිම් අඩු වී ඇති බවට නිරීක්ෂණය වී ඇතැයි ඔහු සඳහන් කළේය.
ඒ හේතුවෙන් අද(23) පෙරවරු 6.00 සිට නැවත සුපුරුදු පරිදි රථවාහන නැවතුම් ගාස්තු තීරණය කළ බව කොළඹ නාගරික කොමසාරිස් පාලිත නානායක්කාර සඳහන් කළේය.
