.webp)
-612826.jpg)
NBC මාධ්‍ය ජාලයේ වැඩසටහනක් සමග එක්වෙමින් ඔහු සඳහන් කළේ පෙන්ටගනය කොංග්‍රසයෙන් අරමුදල් ඉල්ලා සිටින්නේ අතිරේකව බවයි.
අමෙරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව හෙවත් පෙන්ටගනය, යුධ මෙහෙයුම් වෙනුවෙන් ඩොලර් බිලියන 200ක මුදලක් අනුමත කර දෙන්නැයි ධවල මන්දිරය හරහා කොංග්‍රසයෙන් ඉල්ලීමක් කිරීමට සූදානම් වන බවට පසුගිය දිනවල තොරතුරැ වාර්තා විය.
කෙසේ නමුත් අමෙරිකානු භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් පවසන්නේ, අමෙරිකාවේ යුද ශක්තිය ඉදිරියේදී වර්ධනය කරගැනීමේ අරමුණින් අනාගත මෙහෙයුම් සඳහා පමණක් එලෙස අරමුදල් අනුමත කරගැනීමට බලාපොරොත්තු වන බවයි.
අමෙරිකානු ජනතාවට ගෙවීමට සිදුවන බදු වැඩි වනු ඇති බවට වන වාර්තා 'හාස්‍යජනක' බව පවසමින් බදු ඉහළ නැංවීම සම්පුර්ණයෙන්ම ප්‍රතික්ෂේප කිරීමට භාණ්ඩාගාර ලේකම්වරයා කටයුතු කළේය.
ඉරානයට එරෙහි මෙහෙයුම් සඳහා දැනටමත් රජය සතුව ඇති තරම් අරමුදල් පවතින බවද ඔහු පෙන්වා දෙනවා..
දැනට පවතින තොරතුරුවලට අනුව ඉරානයට එරෙහි යුද්ධයේ පළමු දින හය සඳහා පමණක් අමෙරිකාවේ වියදම ඩොලර් බිලියන 11කට අධිකයි.
