මෙරට 5 වැනි වාණිජ මහාධිකරණය හෙට විවෘත කෙරේ..

මෙරට 5 වැනි වාණිජ මහාධිකරණය හෙට විවෘත කෙරේ..

by Staff writer 22-03-2026 | 7:54 AM

COLOMBO(News1st) - මෙරට පස් වැනි වාණිජ මහාධිකරණය, හෙට විවෘත වෙයි.

එය ස්ථාපිත කර ඇත්තේ, අලුත්කඩේ අධිකරණ සංකීර්ණ පරිශ්‍රයේයී.

නව වාණිජ අධිකරණයක් පිහිටුවා වාණිජ නඩු කටයුතු විධිමත් කිරීම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශ අතරට ද ඇතුළත් ය.

ප්‍රීති පද්මන් සූරසේන අගවිනිසුරු ධුරයට පත්වීමෙන් අනතුරුව පිහිටුවන දෙවැනි වාණිජ මහාධිකරණය මෙයයි.