සිරුරට දැනෙන උණුසුම අවදානය යොමු කළ යුතු මට්ටමක..

දිස්ත්‍රික්ක කිහිපයක මිනිස් සිරුරට දැනෙන උණුසුම අවදානය යොමුකළ යුතු මට්ටමක..

by Staff writer 22-03-2026 | 7:52 AM

COLOMBO(News1st) - බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත් වලත් අනුරාධපුරය, මන්නාරම සහ වව්නියාව දිස්ත්‍රික්කවලත් මිනිස් සිරුරට දැනෙන උණුසුම, අද අවදානය යොමුකළ යුතු මට්ටමක පවතියි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේ, ඒ පිළිබඳ විමසිල්ලෙන් කටයුතු කරන ලෙසයි.