ගිනි අවි සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

පයාගල, මැටියමුල්ල ප්‍රදේශයේදී විදෙස් රටක නිෂ්පාදිත රිවොල්වර් වර්ගයේ ගිනි අවි හා පතොරම් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

by Chathurika Jayasundara 21-03-2026 | 10:33 AM

COLOMBO(News1st) - පයාගල, මැටියමුල්ල ප්‍රදේශයේදී සිදුකළ වැටලීමකදී විදෙස් රටක නිෂ්පාදිත රිවොල්වර් වර්ගයේ ගිනි අවි හා පතොරම් සමග සැකකරුවන් දෙදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ, එහි  මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් කණ්ඩායමක් සිදුකළ වැටලීමකදී රිවොල්වර් වර්ගයේ ගිනි අවි 02ක්, එම පතොරම් 1ක්, අත් විලංගුවක් හා එම යතුරක් සමග සැකකරුවන් දෙදෙනෙකු එලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි..

අවුරුදු 55 සහ 61 වයස්වල පසුවන පයාගල සහ කලගෙඩිහේන ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙකු එලෙස අත් අඩගුවට ගෙන ඇතැයි පොලිසිය සඳහන් කළේය..

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.