කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්!

කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්!

by Staff writer 21-03-2026 | 7:37 AM

COLOMBO(News1st) - පළාත් කිහිපයකට උණුසුම් කාලගුණය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ, බස්නාහිර, සබරගමුව, උතුරු මැද , දකුණ සහ වයඹ පළාත්වලත්, මොණරාගල, මන්නාරම, වව්නියාව සහ මුලතිව් දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවල මිනිස් සිරුරට දැනෙන උණුසුම අවදානය යොමු කළ යුතු මට්ටමක පවතින බවයි.

ඒ අනුව ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන ලෙස සහ සෙවන ඇති ස්ථානවල හැකි පමණ විවේක ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේ, වැඩිහිටි හා රෝගි පුද්ගලයින් පිළිබඳ සැළකිලිමත් වන ලෙසයි.

අධික වෙහෙසකාරි කටයුතු සීමා කර , ආරක්ෂිතව කටයුතු කරන්නැයි, නිකුත් කළ නිවේදනයේ සඳහන්.