ඉරාන බොරතෙල් සම්බාධක දින 30කට ඉවතට

ඉරාන බොරතෙල් සඳහා පනවා ඇති සම්බාධක දින 30 ක් සඳහා තාවකාලික ඉවත් කරන බව, ඇමෙරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්. - විදෙස් මාධ්‍ය

by Chathurika Jayasundara 21-03-2026 | 10:39 AM

COLOMBO(News1st) - ඉරාන බොරතෙල් තෙල් සඳහා පනවා ඇති සම්බාධක දින 30ක් සඳහා තාවකාලිකව ඉවත් කරන බවට අමෙරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ, ඉරානයට එරෙහිව අමෙරිකාව සහ ඊශ්‍රායලය ගෙන යන යුද්ධය හේතුවෙන් ලොව පුරා තෙල් මිල ඉහළ යාම සහ සැපයුම් අඩාල වීම සැලකිල්ලට ගෙන එම පියවර ගත් බවයි.

එම අවසරය තාවකාලිකව ලබාදෙන අවසරයක් වන අතර එය අදාළ වන්නේ දැනටමත් ප්‍රවාහනයේ පවතින අනුමත තෙල් සඳහා පමණක් බවත් නව ඇණවුම් සඳහා එය අදාල නොවන බවත් එක්සත් ජනපද භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් පැවසුවේය.