.webp)

ඒ මාධ්‍යවේදින් ඉරානට එරෙහි ප්‍රහාර නතර කරන්නේ කවඳාද යන්න ඇසු අවස්ථාවේදියී
ඔහු පැවසුවේ, ඉරාන පාර්ශවය සම්පූර්ණයෙන්ම විනාශ කරමින් සිටින අවස්ථාවක තමන් සටන් විරාමයක් සඳහා නොයන බවයි.
ගැටුමකදී දෙපාර්ශවයම සාකච්ඡා මාර්ගයෙන් සටන් විරාමයකට එළඹීමට උත්සාහ කළත්, තමාට මේ අවස්ථාවේදි එවැනි අවශ්‍යතාවක් නොමැති බව ද ඔහු පැවසීය.
මේ අතර හෝමූස් සමුද්‍ර සන්ධිය වැනි වැදගත් වෙළඳ මාර්ග ආරක්ෂා කිරීමේදී නේටෝ සංවිධානය ප්‍රමාණවත් මැදිහත්වීමක් සිදු නොකරන බවත්, ඔවුන් බියගුලු ලෙස ක්‍රියාකරන බවත් ට්‍රම්ප් මාධ්‍යවේදින් හමුවේ ප්‍රකාශ කළේය.
එහිදි ඔහු සඳහන් කළේ, හෝමූස් සමුද්‍ර සන්ධියේ ආරක්ෂාව තහවුරු කිරීමට සෙසු රටවලින් විශාල සහයක්ද අවශ්‍ය වන බවයි
එය චීනය සහ ජපානය මැදිහත්ව සිදු කරන්නේ නම් තමා එය අගය කරන බවද ඔහු සඳහන් කළේය.
මේ අතර ඉරානයට එරෙහි හමුදාමය ක්‍රියාමාර්ග ලිහිල් කිරීමට ද තමා බලාපොරොත්තු වන බව ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
ඔහු නව ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ,අමෙරිකාව ඉරානය තුළ සිය අරමුණු ඉටුකර ගැනීමට ඉතා ආසන්න බවයි
ඒ හේතුවෙන් හමුදා ක්‍රියාමාර්ග අඩු කිරීමට හෝ නතර කිරීමට සලකා බලමින් සිටින බව ද ඔහු පැවසීය.
